ජනාධිපතිතුමා මහවැලි මහ සෑය වැඳදපුදා ගනී

017පළමු වරට මෙරට රාජ්‍ය නායකයෙකු මහවැලි මහ සෑය වැඳපුදා ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(11) පෙරවරුවේ කොත්මලේ පිහිටි මහවැලි මහ සෑය වැඳපුදා ගැනීමට එක්විය.

 කොත්මලේ අද පැවති “වන රෝපා” රුක් රෝපණ ජාතික වැඩසටහනෙන් අනතුරුව ජනාධිපතිතුමා මෙසේ මහවැලි මහසෑය වැඳපුදා ගැනීමට එක්විය.

මහවැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ආගමික වතාවත් වල නිරත වූ ජනපතිතුමා එම විහාරස්ථ දහම්පාසල් දරු දැරියන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි.

දහම් පාසල් දරු දැරියන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා විහාරස්ථානයේ කෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබදව ද නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා විසින් කොත්මලේ ජලාශයේ නීරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගී විය.

මේ අතර ඊයේ (10) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයෙ ආගමික වතාවත් සදහා ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වූ අතර එම විහාරස්ථානාධිපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් බැහැදැක සුවදුක් විමසීමෙන් අනතරුව ආගමික වතාවත්වල නිරත විය.

02