පහේ හපන්නු වාර්තා තබති

scholarships2015මෙවර පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 196 බැගින් ලබා මුළු දිවයිනෙන් ම ප්‍රථම ස්ථානයට පත්වීමට සිසු සිසුවියන් තිදෙනෙකු ද, ලකුණු 195 බැගින් ලබා දෙවැනි ස්ථානයට පත්වීමට පස්දෙනෙකු ද, ලකුණු 194 බැගින් ලබා තෙවැනි ස්ථානයට පත්වීමට තිදෙනෙකු ද සමත්ව තිබීම විශේෂත්වයකි.

 මහනුවර ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ ඩබ්ලිව්.අයි.එස්. කවින්දා උනන්තැන්න , කෑගල්ල මල්මඩුව මාකූර ප්‍රාථමික විද්‍යාලයේ ආර්.ඩබ්ලිව්.එම්. කවිෂ්ක වනිගසේකර සහ කෑගල්ල උස්සාපිටිය ශ්‍රී සුමංගල කනිෂ්ඨ විද්‍යාලයේ පී.වී.එල් මෙලනි විජේසිංහ සිසු සිසුවියෝ මේ අනුව ලකුණු 196 බැගින් ලබා ප්‍රථම ස්ථානයට පත්ව සිටිති.

කුලියාපිටිය උඩුබද්දාව ධම්මානන්ද මහා විද්‍යාලයේ ටී.එම් ඔෂානි හෂිනිකා ගයාෂානි, ගම්පහ වේයන්ගොඩ හිරිපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ජී.කේ තරින්ද්‍යා කෞරි පෙරේරා, ගම්පහ මහර කඩවත කැලණිය ජනාධිපති විද්‍යාලයේ එන්.නිහාර මධුහන්ස, කොළඹ හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ පී.එම් විශ්ව පතිරාජ සහ ගම්පහ දෙල්ගොඩ උඩුපිල ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ දුලාජ් නෙතුල් විජේසේකර යන සිසු සිසුවියෝ පස්දෙනා ලකුණු 195 බැගින් ලබා දෙවෙනි ස්ථානයට පත්ව සිටිති.

එසේම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 194 බැගින් ලබාගත් ගාල්ල අක්මීමන, ලබුදූව ප්‍රාථමික විද්‍යාලයේ කේ.ජී සවිඳු අමාන්, ගාල්ල අම්බලන්ගොඩ, පැනියන පී. ද එස් කුලරත්න කනිෂ්ඨ විද්‍යාලයේ ඒ.ජී ගමිඳු සස්මිත සහ හම්බන්තොට කදුරුපොකුණ තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඒ.පී.සී සංජන් අබේධීර සිසුහු තිදෙනා තෙවැනි ස්ථානයට පත්ව සිටිති.