ඊලියන් නානායක්කාර සමුගනී

sudu koddiදකුණේ ප්‍රබල කොමියුනිස්ට් නායකයෙකු වු කඹුරුපිටිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊලියන් මහනාග නානායක්කාර මහතා ඊයේ අභවප්‍රාප්ත විය.

කොමියුනිස්ට් පක්ෂයේ නායක එස් ඒ  වික්‍රමසිංහ මහතා සමග ඉතා තරුණ වියේදීම දේශපාලනයට එක් වූ ඊලියන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

පසුව නීති චිද්‍යාලයට ඇතුලු වී නීතිඥයෙකු වූ පසුව ඉතා දීර්ඝ කාලයක් මාතර ජේෂ්ඨ නිතිඥයෙකු ලෙස සේවය කලේය.

එවකට කඹුරුපිටිය මන්ත්‍රීවරයා වූ පර්සි වික්‍රමසිංහ වමේ දේශපාලනය අත්හැරීමෙන් පසුව ඔහුගේ වගකීම්වලට උරදී කොමියුනිස්ට් පක්ෂයේ වගකීම් තමකරට ගෙන පක්ෂයේ ප්‍රබල නියෝජිතයෙකු ලෙස 1970සමගි පෙරමුණ රජයේ කඹුරුපිටිය මන්ත්‍රීවරයා ලෙස 1977දක්වා කටයුතු කලේය.

දේශපාලන සහ අපරාධ නඩු පිළිබද දක්ෂයෙකු වූ ඔහු ප්‍රථම දකණු පළාත් සභා මන්ත්‍රී වරයෙකු ලෙස ද ක්‍රියා කළේය.

ඉන් පසුව ක්‍රියාකාරි දේශපාලනයෙන් ඉවත්ව තම වෘත්තීයේ යෙදුණුනු ඊලියන් නානායක්කාර මහතා එංගලන්තයේ සිදු වූ රිය අනතුරකින් පසුව මිය යනතුරුම පන්නිපිටියේ දෙපානම ප්‍රදේශයේ නිහඩ ජීවිතයක් ගත කළේය.

මිය යන විට  අසූ අට වියේ වියේ පසු විය.

අවසන් කටයුතු සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකෙරේ.

මෘත දේහය පන්නිපිටියේ දෙපානම නිවසේ තැන්පත් කැර ඇත.