ජනපති පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසයි

04521 1140x742පණ්ඩිත් අමරදේවයන්ගේ සුව දුක් විමසීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතමා අද (03) පස්වරුවේ මහරගම පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.

 පණ්ඩිත් අමරදේවයන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා එතුමාගේ ගීත පිළිබඳ තම අතීත මතකයන් අවදි කරමින් සහ ගීත කොටස් ගායනා කරමින් විනාඩි 45 කට අධික කාලයක් එතුමා සමඟ සුහද පිළිසඳරක නිරත විය.

පොළොන්නරුව ප‍්‍රදේශයේ අමරදේවයන් සිදු කළ සංචාරයන් පිලිබඳවත්, එහිදී ගායනා කළ ගීත පිළිබඳවත් තම අතීත මතකයන් අවදී කළ ජනාධිපතිතුමා අමරදේවයන් පසුගියදා සිදුකළ ඕස්ටේ‍්‍රලියානු සංචාරය පිළිබඳව තොරතුරු විමසීමටද අමතක නොකළේය.

සුභාවිත සිංහල ගීතයේ ලකුණ ලෙස සුවහසක් රසික හදවත් දිනාගත් ඩබ්.ඞී. අමරදේවයන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් තම සුභාශිංසන පිරිනැමූ ජනාධිපතිතුමා එතුමාට නිදුක් නිරෝගී සුවයද ප‍්‍රාර්ථනා කළේය.

ජනාධිපතිතුමා අද පස්වරුවේ තම නිවසට පැමිණෙන බවට ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම විශ්වාස කළ නොහැකිව කවුරුන් හෝ සිදුකළ විහිළුවක් වන්නට ඇතැයි තමා සිතූ බවද පැවසූ අමරදේවයන් ජනාධිපතිතුමාගේ මෙම හදිසි පැමිණිම තම ජීවිතයේ ලද අමතක නොවන අවස්ථාවක් බවද කියා සිටියේය.

මෙහිදී ජනාධිපතිතුමන් වෙත සතුට පළ කළ අමරදේව මහත්මිය පැවසූෙවි පසුගිය දින කිහිපයක සිටි අසනීප තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටින අමරදේවයන් මහතා ජනාධිපතිතුමා තම නිවසට පැමිණෙන බවට සැලවීමත් සමඟ ඉතා ප‍්‍රබෝධමත් භාවයකට පත් වූ බවයි.

සිය සුව දුක් විමසීමට පැමිණි රාජ්‍ය නායකයාණන්ව ඉතා උණුසුම් ලෙස පිළිගත් පණ්ඩිත් අමරදේවයන් රටේ කලාකරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා දක්වන සැළකිල්ල ඇගයීමට ලක් කළේය.

තම ගීත එකතුවක් ඇතුළත් සංයුක්ත තැටියක් සහ සමරු ග‍්‍රන්ථයක්ද මෙහිදී පණ්ඩිත් අමරදේවයන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

01

02

03