ජී.එස්.පී. ලැබීමෙන් අලුත් රැකියා දසලක්ෂයක්

gsp puls ciජිනීවා තීරණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් ජී.එස්.පී. ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමිවීමෙන් රැකියා දසලක්ෂයක් රට තුළ බිහිකිරීමට අවස්ථාව සැලසී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ජී. එස්. පී. ප්ලස් නැවත ලබාගැනීමට විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද හෙටම යුරෝපා සංගමයට දැනුම්දීම සිදුකරන බවත්, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. එමගින් ශ්‍රී ලංකාව තුළ ඇතිවන ඇදහියනොහැකි ආර්ථික පුනරුදය විග්‍රහ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

ජී. එස්. පී. ලැබීමෙන් චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ද ඉන්දියාව සමඟ ආර්ථික සම්බන්ධතා ගිවිසුමක් ද ඇති වෙනවා. එම නිසා පුළුල් වෙළෙඳ පොළක් රට තුළ නිර්මාණය වෙනවා. ආයෝජකයින් විශාල ලෙස පැමිණීමෙන්  ආයෝජනවලට විශාල අවස්ථාවක්, රැකියා අවස්ථා රැසක් උත්පාදනය කෙරෙන ආර්ථික වැඩසටහන නොවැම්බර් මාසයේදී ප්‍රකාශ කරනවා.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඉන් පසුව අය-වැය සකස්කර එය ඉදිරිපත් කරාවි. මෙම කරුණු ඔස්සේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ රට තුළ සැළසුම්සහගතව සිදු වෙනවා. අග්‍රාමාත්‍යවරයා ඒ බව අනාවරණය කළේ ඊයේ (1) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති වෘත්තිය සමිති එකමුතු රැස්වීමේදී ය.