එක්සත් ජාතීන්ගේ සාම සාධන වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකික දායකත්වය වැඩිකිරීමට කැපවනවා – ජනපති

President UNදශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

 ජනාධිපතිතුමන් මේ බව සඳහන් කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබද ඊයේ (28) පැවති සමුළුව අමතමිනි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සාම සාධනය පිළිබද සමුළුව ඇමතීමට පෙර අසුන් ගෙන සිටි ස්ථානයට පැමිණි ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ජනාධිපතිතුමාට සුබපැතීම මෙම සමුළුවේදී කාගේත් අවධානයට යොමු වූ සුවිශේෂී අවස්ථාවක් විය.

 ජනාධිපතිතුමා සාම සාධනය පිළිබඳ නායක සමළුව අමතා කළ සම්පූර්ණ කතාව මේ සමග පහත දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධන මෙහෙයුම් කටයුතුවල පරිණාමයේ තීරණාත්මක අවස්ථාවක මෙම වැදගත් රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ටත්ල සමුළුවෙහි සම-සත්කාරකත්වය දරන රටවල නායකයින්ටත් මම ස්තූතිවන්ත වෙනවා. දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප්‍ර‍යත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍ර‍මාණයෙන් දායකත්වය ලබා දී තිඛෙන බව සදහන් කරන්නට අවශ්‍යයයි.

මේ වසරේ ජනවාරි මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුවල එක්සත් ජාතීන්ගේ සාම සාධන කාර්යාංශය සමග ශ්‍රී ලංකාව වඩාත්  සහයෝගයෙන් කටයුතු කිරීමල එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ධනාත්මකව කටයුතු කිරීමේ රාජ්‍ය ප්‍ර‍තිපත්තියෙහිම දිගුවක් ලෙස අපි සලකනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා ශ්‍රී ලංකාවේ වර්තමානයේ භට පිරිස්ල යුධ නිරීක්ෂකයින් හා සිවිල් පොලිස් කණ්ඩායම් ද ඇතුළුව 529 දෙනෙක් දායකත්වය ලබා දී තිඛෙනවා. මේ අවස්ථාවේදීල එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩිකිරීමට මා කැපවන බව කියන්නට කැමතියි. සාම සාධනයෙහි ඉහළම සම්මතයන් සුරැකීම පිණිස සාමසාධනයෙහි යොදවන ශ්‍රී ලාංකිකයන් හට විශිෂ්ට පුහුණුවක් ලබාදීමටත් ඔවුන් ඉහළම මට්ටමෙන් ඇගයීමට ලක්කිරීමටත් අපි කැපවී සිටිනවා.

සුළු පරිමාණයෙන් ඇරඹි එක්සත් ජාතීන්ගේ සාම සාධන මෙහෙයුම් මේ වන විට දිගු ගමනක් පැමිණ ඇතග අද

ඒවා සංකීර්ණ මෙහෙයුම් බවට පත්වී තිඛෙනවාග වත්මන් එක්සත් ජාතීන්ගේ සාම සාධන මෙහෙයුම් මුහුණ දෙන අභියෝග සමහරක් පිළිබඳව අවධානය යොමු කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකියි. සිවිල් වැසියන් ආරක්ෂා කිරීමල එක්සත් ජාතීන්ගේ මූලික වගකීමක් ලෙස සාම සාධන මෙහෙයුම් පිළිබඳ ඉහළ මට්ටමේ මඩුල්ලෙහි වාර්තාව විසින් හඳුනා ගනු ලැබ තිඛෙනවා. මෙම වාර්තාව නිරීක්ෂණය කළේ දැඩි තර්ජනයට ලක්ව සිටින සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම හමුදා තමන් සතුව ඇති සියලුම මෙවලම් පාවිච්චි කළ යුතු බවයිග සාම සාධනයේදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳව වූ ‘කිගාලි’ මූලධර්ම ඉතා මෑතකදී ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබුවා. මෙම ආරම්භයට තවත් රටවල්ද සහභාගි වෙතැයි අපි අපේක්ෂා කරනවා. තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම පිණිස සාම සාධන මෙහෙයුම්වලට වැඩිමනත් සම්පත් සැපයීමේ වැදගත්කම පිළිබඳව මෙම රැස්වීම අවධානය යොමු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධනය උදෙසා ශ්‍රී ලංකා‍වේ අඛණ්ඩ කැපවීම නැවත වරක් ප්‍ර‍කාශ කිරීමට කැමතියි.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන්ල ගුවන් හමුදාවෙන් සහ පොලිසියෙන් සැලකිය යුතු තරමේ දායකත්වයක් ලබාදෙන බවට අපි ගෞරවයෙන් යුතුව පොරොන්දු වෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල දැනට පවතින ඌනතාවනට ප්‍ර‍තිචාර වශයෙන් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් දෙකක් සහ ක්ෂේත්‍ර ඉංජිනේරු ඛණ්ඩ දෙකක් සැපයීමට අපි පො‍රොන්දු වෙනවා. තවද ඉක්මනින් රාජකාරියේ යොදවා ගැනීමට හැකි වන පරිදිල පාබල හමුදා බළකායක්දල විශේෂ කාර්ය භට කණ්ඩායම් දෙකක්දල සංග්‍රාමික ඉංජිනේරු කණ්ඩායමක් ද සැපයීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම නිත්‍ය සේවාවේ යෙදවීම සඳහා පාබල හමුදා බළකායන් තුනක්දල පුපුරන ද්‍ර‍ව්‍ය ඉවත් කිරීමේ එක් කණ්ඩායමක් සහ බලඇණි ආරක්ෂක කණ්ඩායමක්ද සැපයීමට අපි පොරොන්දු වෙනවා. මීට අමතරවල පොලිස් ඒකක දෙකක් සැපයීමටද අපි සූදානම්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ නිර්භීත සාමසාධක බළකා සාමාජිකයන් නිසාල අද ලෝකය වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිඛෙනවා. පසුගිය කාලය තුළ රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ සිය ගණනක් වූ සාම සාධක නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් සිහිපත් කිරීමටත්ල ඔවුන්ට අපගේ ප්‍ර‍ණාමය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.