පළාත් මැතිවරණය කල් දාන්නෑ - අගමැති

jnd 3එළඹෙන මාර්තු මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් නොදමන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එබදු තීරණයක් ගැනීම සදහා කිසිදු හේතුවක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

කොළඹ ගලධාරී හෝටලයේ පැවති ජාතික කළමනාකරණ සමුළුවට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කොට ජනවාරි පෙබරවාරි මාස වන විට ක්‍රියාවලිය අවසන් කොට මාර්තු මස මැතිවරණය පවත්වන බව ද අගමැතිවරයා එහි දී පැවසීය.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ගැටුම් සහගත තත්ත්වයන් යළි දැකගත හැකිවෙනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් අපේක්ෂාව වන්නේ ඉදිරි වසර දෙකක කාලය තුළ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ස්ථාපිත කිරීම බව රනිල් වික්‍රමසිංහ මෙහිදී  සඳහන් කළේය.

ඉතාමත් තරඟකාරී සමාජයට වගකියන පුද්ගලික අංශයක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්, අපේ ව්‍යවසායක ක්ෂේත්‍රය සමාජයේ සහ සේවකයින්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයෙන් පුළුල් කළ යුතුව ඇති බවත් වික්‍රමසිංහ පැහැදිලි කළේය.

ව්‍යවසායක ක්ෂේත්‍රයට පමණක් සීමානොවන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් යහපාලනය නැවත ස්ථාපිත කිරීම අද දවසේ අභියෝගය බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.