බස්නාහිර සහ වයඹ නව ඇමතිවරුන්

Sinhala1409 1බස්නාහිර සහ වයඹ පළාත් සඳහා නව අමාත්‍යවරුන් 10 දෙනෙක් අද දිවුරුම්දී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී  දිවුරුම්දීම සිදු කෙරුණි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථීක ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලපවාහන සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ ඳ අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවං‍ශයි.

ගාමිණි තිලකසිරි  බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ය.

කැජිටන් ලලිත් වනිගරත්න බස්නාහිර පළාත් ධීවර, මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළ`ද නිවාස හා ඉදිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන පිළිබද අමාත්‍යවරයා ලෙසත් ද, ගයාන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ  බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

බස්නාහිර හිටපු විදුලිබල ඇමැති උපාලි කොඩිකාරටඇමැති ධුරයක් නොලැබිම විශේෂත්වයක්.

මේ අතර වයඹ පළාත් නව ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක  මුදල් හා ක‍්‍රමසම්පාදන ඉංජිනේරු සේවා නීතිය හා සාමය පළාත් පාලන හා පළාත් පරිපාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ආර්ථික, ප‍්‍රවර්ධන විදුලිබල හා බලශක්ති පරිසර කටයුතු ජලසම්පාදන හා ජලාපවාහන පිළිබඳ අමාත්‍යවරයා වන්නේද ධර්මසිරි දසනායකයි.

ගුණදාස දෙහිගම වයඹ පළාත් මාර්ග ප‍්‍රවාහන සමුපකාර සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍යවරයා වන්නේද ගුණදාස දෙහිගමයි.

සන්ධ්‍යා සමන්ත කුමාර රාජපක්ෂ වයඹ පළාත් අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු සහ යෞවන කටයුතු හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සහ සමාජ සුබසාධන මෙන්ම පරිවාස හා ළමාරක්ෂක සේවා කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් හරිෂ්චන්ද්‍ර  දිවුරුම් දුන්නේය.

සුනිමල් තිසේරා වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා වන අතර ඉඩම්, වාරිමාර්ග , ධීවර, සත්ව නිෂ්පාදන සහ සත්ව සෞඛ්‍ය පිළිබඳ අමාත්‍යවරයා වන්නේද ඔහුයි.