ජාත්‍යන්තර පරීක්ෂණයකට අයිතියක් නැ -අගමැති

ranil wickramasinge augustරී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

 අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මේ බව පැවසුවේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර ප්‍රජාව එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා යැයි පෙන්වාදෙයි.

යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට අදාළව පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය විසින් 2009 වසරේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට  පොරොන්දු වී  ඇති බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වුවද එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බව යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.

එවැන්නක් කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයකින් පමණක් බවද ප්‍රකාශ කර ඇති අග්‍රාමාත්‍යවරයා රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවෙකුත්  යුද අපරාධ චෝදනාවලට අදාළව ජාත්‍යන්තර යුද අධිකරණයට හමුවට ගෙන  යා නොහැකි බවද පෙන්වාදී ඇත.