අටමස්ථානයම වැඳගන්න බස් රථයක්

 02082015 130829749089922527 slm cmyඅනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථාන සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට බැතිමතුන්ට ගමන් කිරීමට පහසුකම් සළසමින් නව පෞද්ගලික බස් රථයක් ඇසළ පොහෝ දින (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අභයගිරි චෛත්‍ය අසළ දී ජනතා අයිතියට පත් කෙරිණ.

සෑම දිනම උදෑසන අනුරාධපුර නව බස්නැවතුම් පොළ අසළ දී ආරම්භ වන මේ බස් රථය සංචාරක තොරතුරු මධ්‍යස්ථාන හා පැරණි බස් නැවතුම් පොළ හරහා දවස පුරා ධාවනය කෙරේ. උතුරු මැද පළාත් සභාව මගින් මෙම බස් රථය ධාවනය කිරීම සඳහා පියවර ගෙන ඇති අතර එක් අයෙකු සඳහා රුපියල් එකසිය විස්සක් (120) වැනි මුදලකට අටමස්ථානය වන්දනා කර ගැනීමට පහසුව සැළසේ.

මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන කරු ජයසුරිය, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක, උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල බණ්ඩාර ජයරත්න යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.