ඡන්දෙන් පසු ශ්‍රීලනිප එජනිස නිලතලවල වෙනසක්

upfapaපාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ නිලතල වල සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශ්‍රීලනිප පරිපාලන ලේකම් එස්.එච්. ආරියසේන මහතා සඳහන් කළේය.

 මෙම ක්‍රියාමාර්ග වලට අනුව ශ්‍රීලනිප ප්‍රතිපත්ති වලට එරෙහිව කටයුතු කර ඇති සියලු දෙනා සඳහා විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇතැයි ද හෙතෙම පැවසීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති යළිත් වරක් පක්ෂය තුළ ක්‍රියාත්මක කිරීමත් පක්ෂය සම්පූර්ණයෙන්ම ශුද්ධ පවිත්‍ර කිරීමත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පරිපාලන ලේකම්වරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනතුරුත් තමන්ට කිසිදු උපදෙස් ලබාදී නැතැයි පවසන පරිපාලන ලේකම්වරයා ‍එය බොහෝ දුරට සිදු නොවනු ඇතැයි ද සඳහන් කළේය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව වෙනුවට ජනාධිපතිවරයා විසින් වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බි. නාවින්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සහ අර්ජුන රණතුංග යන මහත්ම මහත්මීන් ශ්‍රීලනිප ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ඒ නිසා බව ද පරිපාලන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.