සා/පෙ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

department of examinations sri lanka2014 අ.පො.ස (සා/පෙ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග ‍දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ results.exam.gov.lk යන රජයේ වෙබ් අඩවි මගින් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

එසේම නැවත සමීක්ෂණය සඳහා අයදුම් කරන ලද පාසැල් අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල අදාළ පාසල් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයටද තැපැල් කර එවීමට කටයුතු කර ඇතැයි සදහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් 0112 784208,0112 784537,0113 188350,0113 140314 යන දුරකථන අංකවලින් විමසා දැනගත හැකියි.