අගමැති-සෝභිත හිමි අවබෝධතා ගිවිසුමක

28072015 130825530879269758 snb cmyනීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තුළින් සාධාරණ සහ ශිෂ්ට සම්පන්න සමාජයක් තහවුරු කිරීමේ අරමුණින් සිවිල් සංවිධාන,වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ 110ක් එකමුතුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ එළැඹී ගිවිසුම වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබීම කොළඹ පදනම් ආයතයේදී ඊයේ (28) සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනය සහ මගුල් බෙර වාදනය මැද්දේ ගිවිසුමට අස්සන් තැබිණි.

මේ ගිවිසුම මගින් කරුණු දහහතරක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවයකට එළැඹි අතර අලුත් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පත් කර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින් ප්‍රතිසංස්කරණ ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලැබේ.

විධායක ජනාධිපති ක්‍රමය සම්පුර්ණයෙන්ම අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් ආණ්ඩු ක්‍රමයක් ඇති කිරිමටත් එය වත්මන් ජනාධිපති ගේ ධුර කාලය අවසන් වු පසු ක්‍රියාවට නැංවීමටත් එකඟතාවට පැමිණ තිබේ.මනාප ක්‍රමය අහෝසි කිරීම,පාර්ලිමේන්තුවට පත් වීමෙන් පසු පක්ෂ මාරු කිරීම වළකාලන නීතී සම්පාදනය කිරීම,ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් ප්‍රමීතීන් ක්‍රියාත්මක කිරීම,ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා විෂමාචාර ක්‍රියාවන්‍ට සම්බන්ධ චෝදනා ලත් විනිසුරුවරුන් ඉවත් කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නීති සම්පාදනය කිරීම,ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් බහුතරයක් සිවිල් නියෝජිතයින් පත් කිරිම,වත්කම් බැරකම් ප්‍රකාශයට පත් නොකරන නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට,පළාත් සභාවට හෝ පළාත් පාලන ආයතනවලට පත් නොවිය හැකි ආකාරයට නිතීසම්පානදය කිරිම අලුත් ව්‍යවස්ථාව මගින් සිදු කිරිමට එකඟතාවයට එළැඹ තිබේ.

* නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය, සහ පොදු ප්‍රවාහන සේවා ආරක්ෂා කර ගනිමින් රැකියා සම්පාදනය,ළමා ,ආලබාධිත අයිතිවාසිකම් ආදියේ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම,

* ජාතින් අතර සංහිඳියාව ඇති කිරිම සඳහා රාජ්‍ය තන්ත්‍රයක් ගොඩ නැගිම.

* ජාතික විගණන පනත,‍තොරතුරු දැන ගැනිමේ පනත සහ දුෂණ විරෝධි කටයුතු ශක්තිමත් කිරිමේ නව පනත් හැකි ඉක්මනින් සම්මත කිරිම.

*දේශපාලඥයන් ,රාජ්‍ය නියෝජිතයන් ඇතුළු සියලුම දූෂිතයන්ට එරෙහිව ආරම්භ කර ඇති විමර්ශනයන් කාර්යක්ෂම කිරිම.

* තරුණ පරපුරට රැකියා අවස්ථා සඳහා තාක්ෂණික සහ සෙසු නිපුනතා පුහුණුව ලබා දිම.

* පරිසරය ආරක්ෂා කර ගනිමින් විද්‍යා හා තාක්ෂණික් දැනුම වර්ධනය කිරිම සහ දීර්ඝ කාලීන වාසි සහිත ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනිම.

* ගොවි ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරිම.

* සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත ශක්තිමත් කිරිම.

* ආදර්ශමත් සමාජ සහ දේශපාලන සංස්කෘතියක් බිහි කිරිම.

* පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සෙසු මහජන නියෝජිතයින් සඳහා චර්යාධර්ම පද්ධතියක් ඇති කර තිරසාරව ක්‍රියාත්මක කිරිම.

* අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සඳහා වු ආයෝජන දිරිමත් කිරිම.

* මිල පාලනය සහ පාරිභෝගික ආරක්ෂක පනත් සක්‍රීය කිරිම.

* යහපාලනය ස්ථාපිත කිරිම අරමුණු කර ගත් මෙම ගිවිසුමට අත්සන් කරන කණ්ඩායම් නියෝජනය කරන උපෙදේශන සභාවක් පිහිටුවීම තුළින් සිවිල් පුරවැසි කණ්ඩායම්වල අදහස් දායක කර ගත යුතුයි.එය අගමැති සහ සිවිල් සංවිධාන කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීම.

ගිවිසුමට එළැඹි සියලුම ‍සංවිධානවල නායකයන් ඇතුළු නියෝජිතයෝ ගිවිසුමට අස්සන් තැබුහ.

‍එම මහා සංඝරත්නය,පළාත් පාලන ප්‍රජාතන්ත්‍රිය පාලනය පිළිබඳ ඇමති කරූ ජයසූරිය,සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න,විදුලි බල සහ බලශක්ති ඇමැති පාඨලි චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු සංවිධානවල නියෝජිතයෝ විශාල සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගි වුහ.