වටිනාදේ නොවටිනා ලෙස පිළිගැනීමෙන් සිදුවන හානිය ගැන අපි සෑමවිටම සිතිය යුතුයි

hqdefaultමෛත්‍රී කිරී‍ෙම් ආනිසංශය විද්‍යාත්මක අතින්ද මුළු ලොවම පිළිගෙන ඇති අතර අපේ වටිනා‍ දේ නොවටිනා දෙයක් හැටියට පිළිගැනීමෙන් සිදුවන හානිය ගැන අප සැම සිතිය යුතු යැයි සේරුවිල ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති නායක හිමියන් පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස පෙරේදා (25) පස්වරු පැවැති සේරුවිල ශාන්ති පදනම මඟින් 26වන වරටත් පවත්වන්නට යෙදුණ මහා පිච්චමල් පූජාවේ සමාරම්භක පූජනීය අවස්ථාව අමතා අදහස් දක්වමිනි.

මෙම ඓතිහාසික මහා පිච්චිමල් පූජාව කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසනා මත අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස, ස්වර්ණමාලි චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන යන නායක හිමිවරුන් ප්‍රධාන අටමස්ථානයට අයත් විහාරාධිපතිවරුන්ගේ පූර්ණ ආශිර්වාදය මත සේරුවිල ශාන්ති පදනම මගින් සංවිධානය කරන ලදී.

සුදු වතින් සැරසුණ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගෙන් මහ බෝ සමිඳුන්ගේ වැලි මළුව ඇතුළු මහමෙවුනා උයන පිරී ඉතිරී ගොස් තිබිණ.

පිච්චමල් සහිත රන්වන් පාත්‍ර රැගත් දහස් ගණන් බැතිමතුන් ථූපාරාම චෛත්‍ය අබියස සිට මහ සඟරුවන හා මෙහෙණින් වහන්සේ පෙරටු කරගත් පෙරහැර රැස්ව සිටි සැමගේ සාදු නාද මධ්‍යයේ මහ බෝ මළුවට පැමිණීමෙන් පසු පූජෝත්සවයේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙහිදී තවදුරටත් අනුශාසනා කළ කොටපොල අමරකිත්ති නායක හිමියන් අපි කල්පයක් දේශනා කළත්කල්පය අවසන් වුවත් බුදුගුණ අවසන් වන්නේ නැහැ.

අද සිට බොරුකීම, බොරු කිරීම අනුන්ගේ දේ පැහැර ගැනීම ප්‍රාණ ඝාත කිරීම , කාමයෙහි වරදවා හැසිරීම මත්පැන් පානය කිරීම වැනි අපේ දහමට එරෙහි කිසිදු පාප ක්‍රියාවක් නොකරන ලෙසට මේ මහ බෝ සමිඳු සෙවණේ සිට අධිෂ්ඨානය කරන්නා ලෙසට ඉල්ලා සිටින බවද කීහ.

රාත්‍රී ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් අබියස බුද්ධාබි වන්දනා වැඩසටහන පවත්වා පසුදින (ඊයේ 26) කිරි ආහාර පූජාවෙන් 2015 මහා පිච්චමල් පූජා පුණ්‍යෝත්සවය නිමාවට පත් කරන ලදී.