යුරෝපා නිරික්සුවෝ එති

RDS 7055මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ඉල්ලීමකට  අනුව යුරෝපා සංගමයේ මැතිවරණ නීරික්ෂණ දුත මණ්ඩලය අද සිය කටයුතු ආරම්භ කළේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ  රුමේනියා මන්ත්‍රීවරයකු වන ක්‍රිස්ටියන් ප්‍රෙඩාය එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර යුරෝපා සංගමයට අයත් විවිධ රටවල් වලින් නිරික්ෂකයන් 70 කට  අධික පිරිසක් මෙම දුත මණ්ඩලයට අයත් වේ.

නිරික්ෂක  මණ්ඩලයේ  ප්‍රථම මාධ්‍ය හමුවේදි ප්‍රෙඩා කියා සිටියේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි  ක්‍රියාදාමයක් සඳහා ශ්‍රි ලංකාවේ බලධාරීන් සහ  සිවිල් සමාජ ගන්නා උත්සහයට  දායකත්වයක් දීමට හැකිවු බවයි.

“අපි දිවයිනේ යාපනය ඇතුළු පළාත් 9 ම ආවරණය වන පරිදි නිරික්ෂණ කටයුතු සර්ව සාධාරණ ලෙස සිදු කරනවා.”  නිරික්ෂණ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානි කෙනාර්ඩ් ඔල්ස්සෙව්ස්කි සහ මාධ්‍ය ප්‍රකාශිකා මරියා ජොසෙ ගැමෙස් ද මාධ්‍ය හමුවට සහභාගි වුහ.