අයි.එස්. සංවිධානයට බැඳුණු ශ්‍රී ලාංකිකයා ගුවන් ප්‍රහාරයෙන් මරුට

20072015 130818605719313758 ssiසිරියාවේ එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අයි.එස්. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිරියාවේ කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයකු මියගිය බව වාර්තා වෙයි.

එම විදුහල්පතිවරයා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කැර ගැනීමට හැකිවිය. ගලේවෙල නගර මධ්‍යයේ පිහිටි ඉන්ටර්නැෂනල් කොලේජ් නැමැති පෞද්ගලික පාසලේ පසුගිය දෙසැම්බර් මාසය වෙනතුරු විදුහල්පතිවරයා ලෙස අහමඩි නිලාම් සේවය කල බව පෞද්ගලික පාසලේ හිමිකරු වන එම්.ඒ. සමීර් මහතා කියා සිටී. කොළඹ ප්‍රදේශයේ තම හිතවතකු මාර්ගයෙන් මෙම පුද්ගලයා හඳුනාගෙන තම පාසල බාර දුන් බවත් පසුව පසුගිය දෙසැම්බර් මාසයේ මක්කම වන්දනාවේ යන බව පවසමින් පිටව ගිය බවත් එදා සිට ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොවූ බව සමීර් පවසයි.

මෙම අය පෞද්ගලික පාසලේ වර්තමාන විදුහල්පති එච්.එම්. ජේ. හේරත් මහතා කීවේ හිටපු විදුහල්පතිවරයා මෙම විදුහලේ සේවය කළ බව තමන් පෞද්ගලිකව දැන සිටි නමුත් ඔහු විදුහල්පති ලෙස සේවය කළ බවට කිසිදු ලිඛිත සාධකයක් පාසල තුළ නොමැති බවයි.

තවදුරටත් අප කළ සොයාබැලීම් වලදී අනාවරණය වූයේ 2014 වසරේ ගලේවෙල මුස්ලිම් පල්ලියේ සංවිධානය කැර තිබූ ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශකයා ලෙස මෙම පුද්ගලයා පැමිණ සිටි බවයි. එම සැමරුම් අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්ද සොයාගැනීමට හැකිවිය.

මහනුවර වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු වසර දෙකකට ආසන්න කාලයක් ගලේවෙල ප්‍රදේශයේ නැවතී සිට ඇත.

සිරියාවේ පදිංචි ඔහුගේ මස්සිනා වන අබු දිෂානා සේනිලානි නැමැති අය නිලාම් නැමැති අය සටන්වල යෙදී සිටින වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වන විට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර නිලාම් නැමැති අය විදුහල්පතිවරයකුට අමතරව කරාටේ ගුරුවරයකු ලෙස ප්‍රදේශයේ නමක් දිනා සිටි අයෙකි. ඔහුගෙන් කරාටේ ඉගෙනගත් සිසුන් සිය ගුරුවරයාගේ අභාවය පිළිබඳව සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරයක් ලබා දුනි. මෙම සිද්ධිය සහ මොහු පිළිබඳව ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කැර ගනිමින් සිටින බවද වාර්තා වෙයි.