අස්ගිරි මහා නාහිමි ප්‍රමුඛ අනුනාහිමිවරුනට ශ්‍රී සන්නස්පත් පිළිගැන්වූ ගාම්භීර උ‍‍ෙළලේදී...

President 15ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ විසිඑක්වන මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සාභිධාන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අනුනායක හිමිවරු දෙනමට අදාළ පදවි සඳහා වූ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය පූජනීයත්වය ඔප්නංවමින් ගාම්භීර ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්විණි.

 ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් බවට පත්ව ගෙවුණු වසර දෙසීයක කාලය තුළ උත්තරීතර ශාසනික පදවි තුනක් සඳහා මෙලෙස එකවර ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමක් සිදුව නොමැතිවීම විශේෂත්වයකි.

මහ නාහිමි සහ අනුනායක හිමිවරු දෙනම පාවඩ මතින් ඓතිහාසික මඟුල් මඩුව වෙත වැඩම කරවාගෙන පැමිණි අතර ශ්‍රී සන්නස්පත්‍ර ගෞරවනීය ආකාරයෙන් වීදුරු පෙට්ටිවල බහා එම ස්ථානයට ගෙන එන ලද්දේ ජනපතිවරයාගේ පැමිණීම ද සමඟ ය.

 සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය උත්සවයට සහභාගි වීමට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහ නාහිමි ප්‍රමුඛ අනුනායක හිමිවරු දෙනමට විජිනිපත් පූජාකිරීම අස්ගිරි මහ විහාරයේදී සිදුකරන ලදී.

PrimeMinister අගමැතිතුමන් රිදී කරඬුවක් පිරිනමමින්.

President 15bජනපතිතුමන් ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමූ අවස්ථාව. ඡායාරූප-ගාමිණී රණසිංහ

ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමට පෙර ‍එහි අන්තර්ගතය උත්සව සභාවට ප්‍රකාශ කිරීම අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය අධ්‍යාපනපති ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් විසින් සිදුකරනු ලැබූ අතර ඒවා උන්වහන්සේට කියවීම සඳහා පිළිගන්වනු ලැබූවේ ජනපති ලේකම් ජී. බී. අබේකෝන් මහතා විසිනි.

බෙර හා සක් හඬ මධ්‍යයේ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමෙන් පසු මහ නාහිමි ප්‍රමුඛ අනුනායක හිමිවරු දෙනමගේ චරිතාප්‍රදානය ඇතුළත් අභිනන්දන ග්‍රන්ථ උන්වහන්සේලා වෙත පිළිගැන්වීම සිදුකෙ‍රුණි.

මෙහිදී මහ නාහිමියන් විසින් රන් පැහැති කරඬුවක් ජනපතිවරයා වෙත ද රිදී පැහැති කරඬුවක් අගමැතිවරයා වෙත ද ප්‍රදානය කරනු ලැබූහ.

උත්සවය අවසානයේ අලි ඇතුන් සහිත පෙරහරකින් මහා සංඝරත්නය ශ්‍රී දළදා මාලිගාවේ සිට අස්ගිරි මහ විහාරය වෙත වැඩම කරනු ලැබීමෙන් පසු විශේෂ ආගමික උත්සව මාලාවක් එහිදී පැවැත්විණි.