මත්තලට තීරු බදු රහිත නිදහස් වෙළෙඳ නගරයක්

mattalaමත්තල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ තීරු බදු රහිත නිදහස් වෙළෙඳ නගරයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

රට තුළට ගුවන් මගීන් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම මෙහි අරමුණ වේ.

ඉන්දියාවේ ඇතැම් භාණ්ඩ මිලදී ගැනීමට අපහසුතා ඇති බැවින් එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට පැමිණ භාණ්ඩ අඩු මිලට මිලදී ගැනීමට මේ අනුව අවස්ථාව උදාවනු ඇත.

 මෙයට පෙර මෙවැනි නිදහස් වෙළෙඳ නගරයක් කොල්ලුපිටියේ පැවැති අතර එවැනි වෙළෙඳ නගරයක් ඇති කිරීම මගින් සංචාරකයන් මෙරටට පැමිණීම ඉහළ නැංවීම මෙහි අරමුණ වේ.

පැය දෙකක් පමණ ගුවන් ගමනක් අවසන් කරමින් ආසියාකරයේ සිට ශ්‍රී ලංකාවේ මත්තල ස්ථාපිත කිරීමට නියමිත ‍නිදහස් වෙළෙඳ නගරයට පැමිණීමට හැකි වන බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට විශාල පිරිසක් මෙරටට පැමිනෙනු ඇති බවත් ගුවන් සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේය.

එමෙන්ම මත්තල ගුවන්තොටුපළ භාවිතා කරමින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්‍ට විශාල සහන රැසක් ලබා දීමට ගුවන් සේවා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ගුවන්තොටුපල ගුවන් මගීන්ට විවෘත කරමින් කාර්යක්ෂම ගුවන්තොටුපලක් බවට පත් කිරීම මෙහි අරමුණ බව

මේ අනුව මත්තල ගුවන්‍තොටුපලට ගොඩබසින ගුවන් මගීන්ට බණ්ඩාරණායක ගුවන්තොටුපලට රැගෙන එන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන ඒමට ඉඩ ප්‍රස්තාව ලැබෙනු ඇත.

මත්තල ගුවන්තොටුපල භාවිතා කරමින් විදේශ ගත වන ශ්‍රමිකයින්ට අවශ්‍ය වෛද්‍ය සහතික ලබා දීම,විදේශ රැකියා ලියාපදිංචි ආයතන උනන්දු කරවීම ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම මෙහිද සිදු කිරීමට සැළසුම් කර ඇත.

මත්තල ගුවන් තොටුපල ආශ්‍රිත නගර කේන්ද්‍රකරගනිමින් ගමනා ගමන පහසුකම් ගොඩනැංවීම කෙරෙහිද අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

විදෙශ රටවලට පලතුරු එළවළු අපනයනය කරන ආයත සම්බන්ධයෙන් තොරතුරු ඒකරාශි කරමින් මේ අයට සහන ලබා දීමටත් අවධානය යොමුව ඇති බවත් හම්බන්තොට වරාය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමටද සියලු කටයුතු සැලසුම් කර ඇතැයිද රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (25) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

මේ අවස්ථාවට වැඩබලන ලේකම් ආර් එම් රත්නායක ,ගුවන්තොටුපළ සභාපති ආනන්ද විමලසේන හා ගුවන්සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් එච් එම් සී නිමල්සිරි මහත්වරුන් ඇතුළු නිලධාරීහූ එක් වූහ.