උතුරු-නැ’හිර හමුදා කඳවුරු වත්මන් රජයෙන් ඉවත්කර නෑ

වර්තමාන රජය යටතේ උතුරු, නැ‍ඟෙනහිර පිහිටි කිසිඳු යුද හුමුදා කඳවුරක් ඉවත් කරගෙන නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය. හමුදා කඳවුරු ඉවත් කර ගත යුතුදැයි තීරණය කරන්නේ යුද හමුදාව මිස රජය නොවන බව කී අගමැතිවරයා, හමුදා කඳවුරක් ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදාව මෙතෙක් තීරණය කර නොමැති බව ද එසේ තීරණයක් ගතහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ද කීය.

කොඩිකාමම්හි පිහිටි යුද හමුදා කඳවුර ඉවත් කර ගැනීමට යන බව චාල්ස් ඥාණකෝන් නමැති ද්‍රවිඩ ව්‍යාපාරිකයා ඔහුගේ මිතුරෙකුට යැවූ ලිපියක් ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව කීය.

පසුගිය රජය විසින් උතුරු, නැඟෙනහිර ප්‍රදේශයේ තිබූ හමුදා කඳවුරු 59ක් ඉවත් කරගත් බවත් අග්‍රාමාත්‍යවරයා කීය.