29032024Fri
Last update:Mon, 04 Mar 2024

වරප්‍රසාද ගැන කතා කරමින් දූෂණ චෝදනා යටපත් කරන්න බෑ

n15042217වරප්‍රසාද ගැන කතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා යට‍පත් කළ නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

කෙසේ වෙතත් තරාතිරම නොබලා අල්ලස් හෝ දූෂණ චෝදනා පිළිබඳ සොයා බැලිය යුතු බවත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරි‍යගේ පත්වීම සිදුකළේ අධිකරණ ඇමැතිවරයා බවත් හෙතෙම සඳහන් කළේය.

සොරුන් ආරක්ෂා කිරීමට සොරු වෙනුවෙන් පෙනී සිටින්නේ හොරුන්ම බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැඳවීම හෙළා දකිමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කරන ලද ප්‍රකාශයකට විරෝධය දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

හොරුන් ආරක්ෂා කරන්නැයි ඉල්ලා නොසිටින ලෙස දන්වා සිටි අගමැතිවරයා හොරු වෙනුවෙන් හොරු ඉදිරිපත්ව සිටින බවත් මේ කෑගසන අයටත් කලින් තමන් මහින්ද රාජපක්ෂව ආරක්ෂා කර තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.