28032024Thu
Last update:Mon, 04 Mar 2024

කලාකරුවන්ට විශ්‍රාම වැටුප්

කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් ලබාදීමේ වැඩපිළිවෙළ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් ඊයේ (21) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම වැඩපිළිවෙළ සංකේතවත් කරමින් සංස්කෘතික කටයුතු රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා අතින් මරදාන ටවර් රඟහලේදී වියපත් කලාකරුවන් 35 දෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් පත් ලබා ගත්හ.

කලාකරුවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමද ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.

මෙම විශ්‍රාම වැටුප වයස අවුරුදු 60 ඉක්මවූවන් සඳහා ලැබේ.

මේ සඳහා විශ්‍රාම වැටුප්ලාභි‍යගෙන් කිසිදු මුදලක් අය නොකරන බවත් විශ්‍රාමලාභියා මිය ගිය විට ඔහු හෝ ඇගේ කලත්‍රයාට එම විශ්‍රාම වැටුප හිමිවන බවත් ඇමැතිවරයා කීය.

මෙම වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා පවසයි.