බුද්ධගයා බෝ සමිඳුට කිසි හානියක් නෑ

ඉන්දියාවේ බුද්ධගයාවේ හි පිහිටි බෝධීන් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පවතින බවට ඒ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

එම බෝධීන් වහන්සේගේ හටගෙන තිබෙන පුස් ආසාධනයක් හේතුවෙන් ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනය විසින් විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබෙන අතර එහිදී ප්‍රතිකාර සිදුකර තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වුවද එම බෝධීන් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පවතින බවට පරීක්ෂණ සිදුකර තිබෙන වෘක්ෂ විද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන තිබෙන අතර පුස් ආසාධන ඇතිවීම සාමාන්‍ය දෙයක් බවද ඔවුන් ප්‍රකාශකර ඇත.

වසර 2,500 ක් පමණ පැරැණි බුද්ධගයා බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීම සඳහා සහාය වූ බෝධීන් වහන්සේගේ ශාඛාවක් වන අතර බෝධීන් වහන්සේ වෙනුවෙන් ඖෂධීය ප්‍රතිකාර ලබාදෙන බවද ඉන්දියාවේ වන පර්යේෂණ ආයතනය ප්‍රකාශකර තිබේ.