ජාත්‍යන්තර කටයුතුවලදී නව ප්‍රවේශයක්‌ ඇතිකොට සියලු ජාතීන්ට මිත්‍රත්වයේ හස්‌තය දිගුකරනවා

re5 2විදේශ ප්‍රතිපත්තියේදී මැදිහත් පිළිවෙතක්‌ අනුගමනය කරන අතරම සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්‌තය දිගු කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදු කරන කටයුතුවලට නව ප්‍රවේශයක්‌ ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ පැවැති බොආඕ සමුළුව අමතමින් සඳහන් කළේය.

රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය 28 වැනිදා පැවැති එම සමුළුව අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තවදුරටත් මෙසේද කීය.

මෙම උත්කර්ෂවත් සභාව හමුවේ ඔබ ඇමැතීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි. ඵලදායී හා අෙන්‍යාන්‍ය වශයෙන් වාසිදායක වන සංවාදයක්‌ ගොඩනැඟීම සඳහා ලෝක නායකයන් මෙන්ම ගෝලීය ව්‍යාපාරික ප්‍රජාව ද එකම වේදිකාවකදී මුණගැසෙන මෙම බොආඕ සංසදය ඉතා තීරණාත්මක සංධිස්‌ථානයක්‌ බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. ආසියාවේ ජනතාවගේ සමෘද්ධිය හා සංවර්ධනය අප සියල්ලන්ගේම සාමූහික අරමුණ වන හෙයින් එම අරමුණ ළඟාකර ගැනීම සඳහා මෙවැනි පාර්ශ්ව අතර හමුවක්‌ පැවැත්වීම මම අගයකොට සලකමි.

වර්තමානයේ අප ගත කරමින් සිටින 21 වන සියවස යනු ආසියාවේ සියවස බව ඉතා පැහැදිළි කරුණකි. පසුගිය දශක කිහිපය මුළුල්ලේ ආසියාවේ ඇතිවූ පෙර නොවූ විරූ ආර්ථික වර්ධනය මගින් ගෝලීය ආර්ථිකයේ බල කේන්ද්‍රය බටහිර සිට පෙරදිගට විතැන් කිරීමට සමත්වී ඇත. ආසියාවේ ආර්ථිකයන් කැපී පෙනෙන ලෙස හා අඛණ්‌ඩව වර්ධනය වෙමින් පැවැතීමත්. ගෝලීය ප්‍රවණතාවක්‌ වන අෙන්‍යාන්‍ය වශයෙන් එකිනෙකා මත යෑපීමේ සංසිද්ධියත් හමුවේ ආසියානු රටවල්ද සිය අසල්වාසී රටවල් සමඟ මෙන්ම ලෝකයේ සෙසු රටවල් සමඟද වඩාත් ඒකාබද්ධ වෙමින් වඩා සංකීර්ණ සබඳතා පවත්වාගෙන යැමට උත්සුක වන අයුරු දක්‌නට ලැබේ. වර්තමානය වනවිට ආසියානු ව්‍යවසාය ගෝලීය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන බලවේගය බවට පත්වී ඇත. ඒ අනුව මෙම වසරේ දී මෙම සංසදයේ තේමාව වන "ආසියාවේ නව අනාගතය" පොදු ඉරණමක්‌ සහිත ප්‍රජාවක්‌ උදෙසා" යන පාඨය අර්ථාන්විත මෙන්ම කාලෝචිත ද වෙයි.

නමුත් මෙවැනි වාසිදායක පසුබිමක්‌ මධ්‍යයේ වුවද ආසියානු රටවල් මුහුණ දෙන සුවිශේෂ අභියෝගයන්ද තිබේ. ඒ අතර රටවල් අතර පවතින විවිධත්වය විශේෂ වේ. එනම් ආසියානු රටවල් පොදු ඓතිහාසික හා ශිෂ්ටාචාර බැඳීම්වල විචිත්‍ර සංකලනයක්‌ වුවද, සමාජ ආර්ථික සංවර්ධනය, භූගෝලීය පදනම හා ස්‌වාභාවික සම්පත් පිළිබඳව සලකා බැලීමේදී එම රටවල් අතර විවිධත්වයක්‌ද දක්‌නට ලැබේ. එමෙන්ම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳව සළකා බැලීමේදී ආසියාවේ විවිධ රාජ්‍ය අතර මෙන්ම එකම රාජ්‍යයක්‌ තුළ ද සම්පත් බෙදීයැමේ පුළුල් විෂමතාවන් දක්‌නට ලැබේ. බිලියන 7.2 ක්‌ ලෙස ඇස්‌තමේන්තු ගතකර ඇති ලෝක ජනගහනයෙන් 60% ක්‌ පමණ වාසය කරන ආසියාව ලෝකයේ ජනගහනයෙන් වැඩි පිරිසකට නිවහන වී ඇති සේම, ලෝකයේ දිළිඳු ජනගහනයෙන් වැඩිම ප්‍රමාණයක්‌ සඳහා ද නිවහනක්‌ වී ඇත. අපගේ බොහෝ ආසියානු සමාජවල සමෘද්ධිමත්භාවය ඉහළ පරිභෝජනය හා වියදම් මගින් පිළිබිඹු වුවද ආදායම් විෂමතාවය ද නිරන්තර යෙන් උග්‍ර වෙමින් පවතී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද මෙය අවධානයට යොමුවිය යුතු සංසිද්ධියකි. පසුගිය මාසයේදී පැවැති ජාතික දින උළෙලේදී මගේ ජාතිය ඇමැතීමේ කථාවේදී ද මම මෙම ගැටලුව පිළිබඳව අවධාරණය කළ අතර ආදායම් විෂමතාවය අඩුකොට, දිළිඳු බව තුරන් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක්‌ බවට ප්‍රතිඥ දුන්නෙමි.

ආසියානු කලාපය තුළ අන්තර් කලාපීය ආර්ථික ඒකාබද්ධතාව වැඩිදියුණුවීම මගින් කලාපීය ආර්ථික සහයෝගිතාවයේද ඒ හා සමාන වැඩිවීමක්‌ (විශේෂයෙන්ම පුළුල් මට්‌ටමකින්) සිදුවී නොමැත. එමෙන්ම අන්තර් කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය වර්ධනය වී ඇති ප්‍රමාණයේ සැළකිය යුතු අසංතුලනයක්‌ පවතී. ආසියානු කලාපය තවමත් සිය අපනයනයන් සඳහා විශාල වශයෙන් කලාපයෙන් පිටත වෙළෙඳපොළවල් මත යෑපෙන අතර ඒ සඳහා කලාපය තුළින් සාර්ථක විකල්ප සොයා ගැනීම දුෂ්කර වී ඇත. අප සාමූහිකව ලබා ඇති එවැනි ආර්ථික සාර්ථකත්වය, ගෝලීය වෙළෙ¹ම, ආයෝජන හා මූල්‍ය ක්‌ෂේත්‍රයන්හිදි සාමූහික හඬක්‌ නැගියහැකි මට්‌ටමකට පරිවර්තනය කර ගැනීමට දරන ප්‍රයත්නවලට මෙවැනි අසංතුලන මහත් බාධාවකි.

මෙවැනි වාතාවරණයක්‌ තුළ අපට ආසියාව තුළ පොදු ඉරණමක්‌ සහිත ප්‍රජාවක්‌ බිහි කළ හැක්‌කේ කෙසේද? දිළිඳු බව තුරන් කර අපගේ ජනතාව වෙනුවෙන් සාමූහික හා තිරසාර වර්ධනයක්‌ ළඟා කරගත හැක්‌කේ කෙසේද? ආසියානු ප්‍රජාව සතු විභවතාවන් පූර්ණ භාවිතයට ගැනීම සඳහා පෙළඹුමක්‌ බවට ආසියානු ආර්ථිකයන් පත් කරන්නේ කෙසේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු රැඳී ඇත්තේ අපගේ රටවල් තුළ ඇති සුවිශේෂීතාවයන් පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙම අභියෝගවලට ප්‍රතිචාර දැක්‌වීම සඳහා යෝග්‍ය පොදු ප්‍රතිපත්ති ක්‍රමෝපායයන් සකස්‌ කිරීම තුළය. ආසියාවේ වර්ධනයට අදාළ ක්‍රමෝපාය පිළිබඳව නව කෝණයකින් සිතිය යුතු බවටත්, රාජ්‍ය වල ප්‍රජාවන් අතර වඩා සහයෝගිතාවයකින් යුත් පාර්ශ්වකාරිත්වයක්‌ ඇති කළ යුතු බවත්, මෙමගින් යෝජනා කෙරෙ.¨ මෙම සහයෝගිතා ක්‍රියාවලියේදී ආසියානු ආර්ථිකයන් අතර ඇති විෂමතාවයන් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතුය. මේ සඳහා කලාපයේ විශාල ආර්ථිකයන් විසින් කුඩා ආර්ථිකයන්හි ප්‍රගතිය සඳහා උත්තේජනයක්‌ ලබා දිය හැකිය. වරණීය වෙළෙඳපොළ ප්‍රවේශයන්ගේ සාර්ථකත්වය සඳහා ආර්ථික අසංතුලතයන් සහ විෂමතාවයන් සැළකිල්ලට ගත යුතුවේ. සංචාරය, වෙළෙ¹ම, සැපයුම් හා තාක්‌ෂණය සම්බන්ධයෙන් ජාතීන් හා ජනතාව අතර ඇති සම්බන්ධතා මගින් ආසියානු ඒකාබද්ධතාව හා සමෘද්ධිය සාක්‌ෂාත් කර ගැනීමෙහිලා ප්‍රධාන කාර්යභාරයක්‌ ඉටුකරනු ඇත. වෙළෙ¹ම පහසු කිරීම හා තීරු බදු නොවන සීමා අඩු කිරීම මගින් මෙම සබඳතා වර්ධනය කිරීම සඳහා මනා පිටිවහලක්‌ ලැබෙනු ඇත. අෙන්‍යාන්‍ය වශයෙන් දැඩිව එකිනෙකා මත යෑපෙන හා අතිශයින් සංකීර්ණ වූ ලෝකයක්‌ තුළ අපගේ ඉරණම තීරණය වන්නේ අප පිළිපදින පොදු න්‍යාය පත්‍ර හා සාමූහික ක්‍රියාමාර්ග තුළිනි.

ආසියානු ජාතීන්ගේ ප්‍රජාවක්‌ තුළ එවැනි සහයෝගිතාවයකට හා සාමූහික ක්‍රියාකාරිත්වයකට ශ්‍රී ලංකාව ඇප කැපවී සිටින බව. මම මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකීය ජනතාව විසින් ජනවාරි 8 දින මා වෙත බලවත් වරමක්‌ ලබා දෙන ලදී. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ, නීතියේ ආධිපත්‍යයේ හා සියලු දෙනාටම සමාන අවස්‌ථා ලබාදීමේ නව යුගයක්‌ අපේක්‌ෂා කරන ජාතියක්‌ ලෙස, රට ප්‍රගතියේ මාවතට ගෙන යැම සඳහාය. එය ඉටුකිරීම වෙනුවෙන් මගේ රජය ඉලක්‌ක ගත දින 100 යේ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමින් සිටින අතර, නව දේශපාලන සංස්‌කෘතියක්‌ නිර්මාණය කිරීම සඳහා මඟපෙන්වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා, සංශෝධන, මෙන්ම සියලු ප්‍රජාවන් අතර කල් පවත්නා ජාතික සංහිඳියාවක්‌ ඇති කිරීම ද එම වැඩසටහනට ඇතුළත් වේ.

ආසියානු, අප්‍රිකානු සහයෝගිතාව, දකුණු - දකුණු සහයෝගිතාවය හා නොබැඳි පිළිවෙත සම්බන්ධයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, ලෝකයේ ප්‍රථම පශ්චාත් යටත්විජිත ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌ ලෙසට ආසියාවේ සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතුව දීර්ඝ හා සාඩම්බර ඉතිහාසයන් ඇත. විදේශ ප්‍රතිපත්තියේදී අපි මැදහත් පිළිවෙතක්‌ අනුගමනය කරන අතරම, සියලු ජාතීන් වෙත මිත්‍රත්වයේ හස්‌තය දිගු කරමින්, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සිදුකරන කටයුතුවලට ද නව ප්‍රවේශයක්‌ ලබා දෙන්නෙමු. එමෙන්ම අසල්වැසි ආසියාතික රටවල් හා අප අතර පවත්නා විශේෂ මිත්‍රත්වය පෝෂණය කිරීමටද අඛණ්‌ඩව කටයුතු කරන්නෙමු. පාලනය සම්බන්ධයෙන් අපගේ පිළිවෙත, ආසියානු උරුමයේ කොටසක්‌ වන ථේරවාදී බුදුදහමේ මූලධර්ම මත ගොඩනැගී ඇති අතර, ඒ අනුව අපගේ සියලු අසල්වාසීන් තමාගේම පවුල ලෙස සලකා ඔවුන් වෙත මෛත්‍රියෙන් හා කරුණාවෙන් කටයුතු කිරීමට අපි පෙළෙඹෙමු. සාමූහික ප්‍රවේශයක්‌ වන මෙමගින් විවිධත්වය හා බහුවිධභාවය ප්‍රවර්ධනය කරනු ලබයි. එමෙන්ම, භූගෝලීය වශයෙන් ස්‌වභාවික ලෙස වාසි හිමි වි ඇති සමුද්‍රික ජාතියක්‌ වන ශ්‍රී ලංකාව, සමුද්‍රික අංශයේ සහයෝගිතාව පවත්වාගෙන යැම පිණිස තම මිත්‍ර රටවල් සමඟ එක්‌වී කටයුතු කරනු ඇත.

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් අතර සාපේක්‌ෂව ඉහළ වර්ධනයක්‌ සහිත ආර්ථිකයක්‌ ලෙස වර්තමානයේ ශ්‍රී ලංකාව හඳුනාගෙන ලැබ තිබේ. මෑත වර්ෂවල ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල මට්‌ටමින් සිදුවී ඇති සැලකිය යුතු වර්ධනය, මැදි ආදායම් රටවල ආර්ථික තත්ත්වයන් හා සමාන කළ හැකිය. ඉන්දියානු උප මහාද්වීපය තුළ ඇති සුලභ අවස්‌ථාවලින් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන රටවලට, දූපත් රාජ්‍යයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම මෙන්ම ඉන්දියාව හා පකිස්‌ථානය සමඟ එළඹී ඇති නිදහස්‌ වෙළෙඳ ගිවිසුම්ද වාසිදායක ලෙස යොදා ගැනීමේ හැකියාවක්‌ පවතී. මේ වනවිට සාකච්ඡා මට්‌ටමේ පවතින චීනය සමඟ අප එළඹීමට අපේක්‌ෂා කරන නිදහස්‌ වෙළෙඳ ගිවිසුම් මගින් කලාපයේ ආර්ථික සහයෝගිතාවයට මෙන්ම එහි අගය වැඩි කිරීමටත් මහත් ජවයක්‌ සපයනු ඇතැයි අපි විශ්වාස කරමු. ආසියාවේ අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජකයන් අතර ආසියානු රටවලට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි වන අතර, ලෝකය පුරා සිටින ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමෙහිලා ආයෝජන පරිසරය වඩාත් හිතකර තත්ත්වයකට පත් කිරීම සඳහා රජය ප්‍රතිසංස්‌කරණ හඳුන්වා දෙමින් සිටී.

ඉතිහාසය මුළුල්ලේ ආසියාව තමන්ගේම වූ හරයන් හා අනන්‍යතාවයක්‌ ගොඩනඟාගෙන ඇත. සාමූහික යහපත සඳහා ආසියානු ප්‍රජාවට ඇති හැකියාව ප්‍රයෝජනයට ගැනීමට අප විසින් උත්සුක වියයුතු අතර, අපගේ සුවිශේෂී අනන්‍යතාවයන්ට සරිලන සංවර්ධනයේ මාවත හා ආකෘතිය පිළිබඳව අප විසින් සාමූහිකව සොයා බැලිය යුතුය. මෙම ප්‍රයත්නයේදී අපට එකිනෙකාගෙන් පාඩම් උගත හැකිය. අපගේ අවසාන දැක්‌ම විය යුත්තේ පූර්ණ වශයෙන් ඒකාබද්ධ වූ හා එක්‌ව බැඳුණු ආසියාවක්‌ ලෝකය තුළ ස්‌ථාපිත කිරීමයි.

මෙම සංසදය පොදු ඉරණමක්‌ සහිත ආසියානු ප්‍රජාවක්‌ බිහිකිරීමේ අපගේ සාමූහික දැක්‌ම ළඟාකර ගැනීම සඳහා වූ සංවාදයට උත්තේජනයක්‌ ලබාදීමෙහිලා මහඟු කාර්යභාරයක්‌ ඉටුකරයි. අපගේ පොදු ඉතිහාසයේ සාරවත් බව හා අප ජනතාව සතු ප්‍රතිෂ්ඨාපන ශක්‌තීන් සලකා බැලීමේදී මෙම කාර්යය අපහසු වූවක්‌ නොවන බව මගේ විශ්වාසයයි.

අවසාන වශයෙන් 2015 ආසියාව සඳහා බොආඕ සංසදයෙන් සාර්ථක හා ඵලදායී ප්‍රතිඵල ලැබේවායි ප්‍රාර්ථනා කිරීමට මෙය අවස්‌ථාව කර ගනිමි.