29032024Fri
Last update:Mon, 04 Mar 2024

ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව 12දා

Monk2අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 12 දින පස්වරු 2.00ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ශ්‍රී දේහය පිළිබඳ සියලු කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදු කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට දැනුම් දී තිබෙන බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද හිමියෝ පැවසූහ.

ආදාහන පූජෝත්සවය පැවැත්වෙන තෙක් ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරයේ තැන්පත් කැර තැබෙනු ඇත. මහනාහිමියන්ට ගෞරව පිණිස මහනුවර සියලු රාජ්‍ය හා පෞද්ගලික ස්ථානවල කහ පැහැති කොඩියක් ප්‍රදර්ශනය කරන ලෙස මහ ඇමැති සරත් ඒකනායක මහතා ඉල්ලීමක් කරයි.

ආදාහන පූජෝත්සවය සඳහා මහනුවර නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සහභාගී කරවන ලෙසද ප්‍රධාන ඇමැතිවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.