23042024Tue
Last update:Thu, 18 Apr 2024

දින 100 වැඩවලින් 85%ක් නිමයි

ඉකුත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට දින සියයක් තුළ ජනතාවට ඉක්මන් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක කරන ලද දින සියයේ වැඩපිළිවෙ­ෙළන් සියයට 85ක් මේ වනවිට නිමාවී ඇතැයි රජය පවසයි.

මෙම වැඩසටහන තුළ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයින්ට රුපියල් 3500 දීමනාවක් ලබාදීම, සමෘද්ධි දීමනාව සියයට දෙසියකින් වැඩි කිරීම, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 16ක මිල විශාල වශයෙන් අඩු කිරීම, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කිරීම, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබාදීම මෙම දින සියය තුළ සිදුකර තිබේ. මෙම සහන ලබාදීමත් සමඟ ජනතාවගේ ජීවන වියදම විශාල වශයෙන් අඩු වී ඇතැයි ද රජය වැඩිදුරටත් අවධාරණය කරයි.