තානාපති සේවයට 09 දෙනෙකු පත් කෙරෙයි

sri lanka EMBLEMවිදෙස් රටවල් 9ක් සඳහා අද නව තානාපතිවරු 9 දෙනෙක් පත් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂෙණුකා  තායිලන්තයේ නව ශ්‍රීලංකා තානාපතිවරිය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව හිටපු හමුදාපතිවරුන් වන ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයට සහ ජෙනරාල් දයා රත්නායක පාකිස්තානයට ද වෙයි.

මේ අතර වයි.කේ.ඒ. රොහාන්  ඉරානය,පී. සෙල්වරාජ් ඊශ්‍රායලයල සහ ඒ.ජී.එම්.සදීක් නෙදර්ලන්තයට පත් කර ඇත.

එමෙන්ම ඩබ්.එම් කරුණාදාස  කටාර් , ආර්. ඩී.රාජපක්ෂ  ස්වීඩනය, එස්.එච්.යූ දිසානායක වියට්නාමයට පත්කර ඇති බව ද සදහන්.