නිසි ලෙස රාජකාරිය ඉටු කරන නිළධාරින්ට වංචා, දූෂණ පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ජනපති පවසයි.
අද රාජ්‍ය සේවයේ ඇතැම් පිරිසක් මූල්‍ය වංචා පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටිමට සිදුවනු ඇතැයි ලිපිගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බව පැවසූ ජනාධිපතිතුමා තම කාර්ය නිසි ලෙස ඉටු කරන නිළධාරින්ට කිසිවිටෙකත් පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ප්‍රකාශ කළේය.