19042024Fri
Last update:Thu, 18 Apr 2024

යුද හමුදා ස්වේච්ඡා බළ සේනාවේ සැමරුම දා........

15පසුගිය දිනට යෙදී තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනා‍වේ 135 වැනි සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා බළකා 111ක් එක්ව දීප ව්‍යාප්තව සිදුකරනු ලබන රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දෙවැනි බළකා රයිපල් බළකාය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ගම්පළ අටබාගේ මහවැලි රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණි.


ගල්වාන පුරාණ විහාරස්ථානයේ පෙරහර...

08 galwanaශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා මහා පින්කමට සමගාමීව ගල්වාණ පුරාණ විහාරස්ථානයේ පැවැත්වූ සර්වඥ ධාතු පෙරහරේදී ශ්‍රි දළදා මාළගාවේ මිගාර හස්ති රාජයා ධාතූන් වහන්සේ තැන්පත් කළ කරඬුව වැඩමවමින් පෙරහරේ ගමන් කළ අයුරු.විහාරාධිපති එම සංඝ සභාවේ කාරක සභික දීගහවතුරේ ජිනරතන හිමි,කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි,හා ‍කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා උප සභාපති සුමුදු රුක්ෂාන් පින්තු මහත්වරුද මෙහි සිටී.

ජාතික සමගිය බිඳ වැටුණොත් වන්දි ගෙවීමට සිදුවන්නේ සමස්ත ජාතියටමයි

President 02 jathika 1පටු දේශාපාලන වාසි තකා රටේ ඒකීයත්වය විනාශ කිරීමට දකුණේ අන්තවාදී පිරිස් ක්‍රියා කරන බවත් ජාතීන් අතර ගොඩනැගී ඇති සුහඳතාව බිද වැටුණහොත් එහි වන්දි ගෙවීමට සිදු වෙන්නේ රටේ සමස්ත ජාතියටම බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

සම්බන්ධ වූ අය සොයා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න

01 sampanthan Apමරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගය කුමන අරමුණක් වෙනුවෙන් ගෙන ආවේද යන්න සොයා බලා ඊට සම්බන්ධවූවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කරයි. රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට යළිත් වතාවක් තර්ජනයක් ඇතිවීමට කිසි‍විටෙක ඉඩ නොදිය යුතු බවද ඒ මහතා විපක්ෂ නායකවරයා පවසයි.

විදේශිකයන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

01 athදකුණු මුහුදේ දී රුපියල් කෝටි සියයකට අධික වටිනා කමින් යුතු හොරෝයින් කිලෝ 110ක් සමඟ අත් අඩංගුවට පත් විදේශිකයන් 14 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (2) අවසර ලබාදුන්නේය. හෙරෝයින් ජාවාරම අනාවරණය කරගැනීම සඳහා මෙම පුද්ගලයන් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවත් , ඊට අවසර ලබා දෙන ලෙසත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව දින හතක කාලයක් සඳහා මෙම අවසරය ලබා දී ඇත.

නිසි ලෙස රාජකාරිය ඉටු කරන නිළධාරින්ට වංචා, දූෂණ පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ජනපති පවසයි.

01 30aඅද රාජ්‍ය සේවයේ ඇතැම් පිරිසක් මූල්‍ය වංචා පිලිබඳ පරික්ෂණවලට පෙනී සිටිමට සිදුවනු ඇතැයි ලිපිගොනුවලට අත්සන් තැබීමෙන් වැළකී සිටින බව පැවසූ ජනාධිපතිතුමා තම කාර්ය නිසි ලෙස ඉටු කරන නිළධාරින්ට කිසිවිටෙකත් පරික්ෂණවලට පෙනී සිටීමට සිදු නොවන බව ප්‍රකාශ කළේය.

හිටපු LTTE සාමාජිකයින් 07ක් නිදහස්

ltte Apr16

වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්ථාපන කාලය අවසන් කළ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 07 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන් හා ඥාතීන්වෙත වෙතට භාර දීම සිදුවිය.