20042024Sat
Last update:Thu, 18 Apr 2024

ලංසුව ගැන වැඩිදුර විමර්ශනයක්

mahendranමහ බැංකුවේ තිස් අවුරුදු බැඳුම්කර නිකුතුවට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉදිරිපත් කොට තිබුණු ලංසුව පිළිබඳ වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය බවත් මේ පිළිබඳ පරීක්ෂා පැවැත්වූ ත්‍රිපුද්ගල නීතිඥ කමිටුව සිය වාර්තාවෙන් ප්‍රකාශ කොට තිබේ.


19 සම්මත කිරීමට ජ.වි.පෙ. සහාය

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (19දා) පෙරවරුවේදී පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩුපාඩුකම් කීපයක් තිබුණ ද එය සම්මත කර ගත යුතුව ඇතැයි පවසා ඇති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විධායක බලතලවල ඇති අත්තනෝමතික බලතල ඉවත් කළ යුතු බවට එකඟවී යැයි ද මාධ්‍ය හමුවේදී සඳහන් කරනු ලැබීය.

දින සියය සාර්ථකයි

n1504171වහාම ක්‍රියාත්මක වන පරිදි ජීවන වියදම අඩු කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම සහ හොරකම හා දූෂණය නැති කිරීම යන රජයේ දින සියයේ වැඩසටහනින් බලාපොරොත්තු වූ මූලික කරුණු තුනම මේ වන විට සාර්ථකව ජයගෙන ජනතාවට සහන ලබා දී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා “දිනමිණ” ට ප්‍රකාශ කෙළේය.

ප්‍රවීණ සංගීතඥ නිමල් මෙන්ඩිස් මිය යයි

n1504178ප්‍රවීණ සංගීතඥයකුවන නිමල් මෙන්ඩිස් මහතා ඊයේ (16) මාලබේ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත විය.

අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙත ඊයේ කැඳවා පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කොට තිබේ. හිටපු මැති ඇමතිවරුන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම ඊයේ සිදු කෙරිණි.

ප්‍රශ්න කිරිමට පෙර ඔහු සම්බන්ධයෙන් එල්ලවී තිබූ අල්ලස් චෝදනා පිළිබඳ අල්ලස් කොමිසමෙන් විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා අදාළ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව හෙළිකරගෙන තිබිණි. පරීක්ෂණවලින් අනතුරුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති අල්ලස් චෝදනා සත්‍ය යැයි අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොමිසම අල්ලස් පනත යටතේ කටයුතු කරනු ඇත.

එළිමහන් සතුන් වත්ත අද ජනතා අයිතියට

n1504176 1දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ දෙවැනි සත්ව උද්‍යානය මෙන්ම පළමු එළිමහන් සත්ව උද්‍යානය පින්නවල දී අද (17) විවෘත කෙරේ. පින්නවල අලි අනාථාගාරයට යාබදව අක්කර 44ක භූමිභාගයක් පුරා ඉදිරිකර තිබෙන මේ සත්ව උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 862කි. එයින් රුපියල් මිලියන 488ක් මහා භාණ්ඩාගාරයෙන් වන අතර ඉතිරිය ශ්‍රී ලංකා සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා ලබන සතියේ කැබිනට්ටුවට

මැතිවරණ ප්‍රතිසංස්කරණය සඳහා වූ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.