19042024Fri
Last update:Thu, 18 Apr 2024

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන 15 දා සිට

ඡන්ද හිමි නාම ලේඛනයට අදාළ ප්‍රතිශෝධන ආකෘති පත්‍ර බෙදා හැරීම මේ මස 15 වනදා සිට ආරම්භ කෙරෙයි.


මෛත්‍රී මහින්ද හමුව ස්ථිරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම එකඟතාවය පළකර ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

දන්සල් හයදහස ඉක්මවයි

රට පුරා වෙසක් දන්සල් 6361ක් ලියාපදිංචි කැර ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් සෙනරත් බණ්ඩාර මහතා පවසයි. රට පුරා ඉරිදා සහ සඳුදා පැවැත්වෙන දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 1800ක් යොදවා ඇති බව සෙනරත් බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරුන් තේරීම කේවල ක්‍රමයට

Rajitha2ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය ගෙන ඒමෙන් පසු පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී කේවල ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරති

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් සමයේ දී ප්‍රදර්ශනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරති.

එළඹෙන මහ මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා

නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී පෙරේරා

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනිවාර්යයෙන්ම සංශෝධනය කරන බව රජය අවධාරණය කරයි.

ඓතිහාසික 19 ඉහළින්ම සම්මතයි

පක්ෂව 212, විපක්ෂව 1, වැළකී සිටි 1, නොපැමිණි 10

n1504291විධායක ජනාධිපති ධුරයේ බලතල අහෝසි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආලෝකමත් කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී ඡන්ද 225කින් 212ක් ලබා ගැනීමෙන් ඊයේ (28) සම්මත විය. මෙය මුළුමහත් ශ්‍රී ලංකාවේ සියලු ජන කොටසක් ම ලද සැබෑ නිදහසක් බව සඳහන් කළ හැකි අතර ලෝකයේ රාජ්‍යයක බලයේ සිටින නායකයෙක් සිදුකළ ඉහළම පරිත්‍යාගය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කරන ලද පරිත්‍යාගය ලක් ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු ඇත.