මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම ඩොලර් කෝටි 1800ක් (රුපියල් ට්‍රිලියන 2 දශම 2ක්) බවට අන්තර්ජාතික බුද්ධි අංශ මගින් සොයා ගෙන ඇති තොරතුරු අනුව සැක කෙරෙන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ගණන් හිලව්වල නිවැරදිතාව තවම තහවුරු වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සොයා ගෙන යන අතර ඒ සඳහා රටවල් හතරක විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.