18042024Thu
Last update:Thu, 18 Apr 2024

විගණකාධිපති වාර්තා‍වේ පරස්පරතා ගැන ‍සොයා බලනවා

ranil wickramasinghe 2රාජ්‍ය ණය පිළිබඳ විගණකාධිපති වාර්තා‍වේ පරස්පරතා ඇතිවු‍ණේ ‍කෙ‍සේදැයි ‍සොයා බලන බවත් රජය විසර්ජන පනතින් අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා ‍ගෙන ‍‍‍නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (22) ප්‍රකාශ ක‍ළේය.


අපේ හමුදාව පොකුරු බෝම්බ භාවිත කළේ නෑ

rajitha senaratneIIපැවැති යුද්ධයේ දී රජයේ හමුදා කිසිවිටෙකත් පොකුරු බෝම්බ (CLUSTER BOMBS) භාවිත නොකළ බව ඉතා වගකීමේන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි. එක්තරා වෙබ් අඩවියක, රජයේ හමුදා යුද්ධයේ දී පොකුරු බෝම්බ භාවිත කළ බවට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවත් එහි වන රූප රාමු වෙනත් රටක ඒ වා වන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා කිසිදු අයුරකින් පළුදු වී නොමැති බව ජනපති අවධාරණය කරයි.

President 02 11ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පිලිබඳ අන්තවාදීන් නොයෙකුත් වැරදි විග්‍රහයන් සිදු කළද වත්මන් රජය යටතේ දෙරටම ඉතා අවබෝධයෙන් කටයුතු කරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

පොලොන්නරුව පොසොන් මහා බත් දන්සල 56 වන වරටත් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Presidential Media Unit Common Banner 1පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බණ්ඩාරනායක – සේනානායක පොසොන් මහා බත් දන්සල 56 වන වරටත් අද (19) දහවල් පොළොන්නරුව පැරකුම් සමුදුර අභියසදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

බුදුන් අනුදත් සමානාත්මතා ධර්මය

30col255478 02 big131954183 4487562 19062016 fra cmyඅංගුත්තර නිකායේ සඳහන් වන සතර සංග්‍රහ වස්තුන්ගෙන් එකක් වන සමානාත්මතාව පිළිබඳව පරීක්ෂා කරන්නකුට බුදුරදුන්ගේ ඖදාර්ය ගුණය පොදු සාමූහික වැදගත්කම ‍මනාව පැහැදිලි වේ. ලෝකයේ ජීවත්වන, තිබෙන, පවතින දෑ හැම එකක් අතුරෙන් ජීවත්වන මනුෂ්‍යයා පමණක් මේ සමානාත්මතා ධර්මය අනුව වර්ග කිරීම අපහසු බව බුදුරදුන් ‘ වා සෙට්ඨ සූත්‍රයේදී’ දේශනා කළ සේක. නමුත් එකල ඉන්දීය සමාජයේ බ්‍රාහ්මණ සභ්‍යත්වය මත පදනම් වී තිබුණු බ්‍රාහ්මණ ඉගැන්වීම් අතරින් ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍යය, ශුද්‍ර යයි මනුෂ්‍යයන් බෙදීමක් විය.

2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරට

88625a45c0fe5ae5224b951cdad5a58c L2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාතේ පැවැත්වීම පිලිබදව සාකච්චාවක් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තුර්කි විදෙස් ඇමැති ජනපති - අගමැති හමුවෙයි

n 2 16ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තුර්කි විදේශ ඇමැති මෙවුලට් කවුසෝග්ලූ (Mevlut Cavusoglu) මහතා ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අරලියගහ මන්දීරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වූ අයුරු.