30042024Tue
Last update:Thu, 18 Apr 2024

”ග්ලූකෝමාව පරදවමු” පා ගමන ජනපති ප‍්‍රධානත්වයෙන්

President 05 3 2016ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් “අදෘශ්‍යමාන ග්ලූකෝමාව පරදවමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ පා ගමන ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පෙරවරුෙවි පැවැත්විණි.


මාධ්‍යවේදීන් ගැන සොයන්න කමිටුවක්

maithripala 2016විවිධ හිරිහැරයන්ට හා පීඩාවන්ට පත් මාධ්‍යවේදීන් පිළිබඳ සොයා බලා ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඒ අනුව 2005 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා වූ කාලපරිච්ඡේදය තුළ වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස සේවයේ නිරතව සිට අසාධාරණයන් හිරිහැරයන් හෝ දේපළ හානි සිදුවීමක් වූ සියලුම මාධ්‍යවේදීන්ට මෙම විශේෂ කමිටුව යටතේ සහන සැලසේ.

නීති කැඩූ අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

sarath fonseka Maසුදුකොඩි සිද්ධිය ඇතුළු යුද්ධයේ සිදුවීම් පිළිබඳ පරික්ෂණ කිරීමට විදෙස් නිරීක්ෂකයන්ට හා උපදේශකයන්ට ඉඩ දියයුතු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10)ප්‍රකාශ කළේය.

වෛද්‍ය සමිතාට වන්දි මුදල් ප්‍රදානයක්

samithaබණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ සභාපතිනී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෛද්‍ය සමිතා සමන්මලී මෙනෙවිය වෙත වන්දි මුදල් ප්‍රදානය කිරීමට පසුගියදා කටයුතු කළාය.

උඩුවේ හිමිට කොන්දේසි මත ඇප

uduwa 0පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට දැඩි කොන්දේසි මත ඇප මත නිදහස් කර තිබේ.

පාතාල රැල්ල වහා මඬින්න ජනපතිගෙන් උපදෙස්

presi 02 0316වර්ධනය වෙමින් පවතින පාතාල අපරාධ රැල්ල මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා පොලිස්පතිවරයාට හා යුද හමුදාපතිවරයාට පසුගියදා උපදෙස් ලබාදී ඇත.

ජනපති ශිව ප්‍රතිමා නරඹයි

president 07 janaමහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් බම්බලපිටිය ලෝරන්ස් පාරේ පිහිටි සරස්වතී මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන භාරතයේ විවිධ පළාත්වල වන්දනා කරන ශිව ප්‍රතිමා 12 ක් නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (6) පස්වරුවේ එක්විය. ශිව බැතිමතුන්ගේ ආගමික විශ්වාස සහ ඇදහිලි නිරූපණය කෙරෙන ප්‍රදර්ශනය ද නැරඹූ ජනාධිපතිවරයා ආගමික ආශිර්වාදය ද ලබාගත්තේය. බ්‍රහ්මකුමාරි රාජ යෝග මධ්‍යස්ථානය මෙම ශිව ප්‍රතිමා ප්‍රදර්ශනය සංවිධානය කරයි. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය