20052024Mon
Last update:Wed, 08 May 2024

20 සම්මත වන තුරු විසුරුවන්නේ නෑ

rajitha 4මැතිවරණ ක්‍රමය සංශෝධනය කැරෙන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


සතියකින් 20 සම්මත නොවුනහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

sobitha himiසතියක කාලයකින් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

පාර්ලිමේන්තුව විසුරුවන ලකුණු

parliment 01 kmnඅද‍ හෙටම හෝ පැය කිහිපයකින් හෝ පාර්ලිමේන්තුව විසිරුවීමට හැකියාව ඇතැයි තමන් දන්නා බවත් ඒ පිළිබඳ නිශ්චිතව කිව හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා කියයි.

තානාපති සේවයට 09 දෙනෙකු පත් කෙරෙයි

sri lanka EMBLEMවිදෙස් රටවල් 9ක් සඳහා අද නව තානාපතිවරු 9 දෙනෙක් පත් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ක්ෂෙණුකා  තායිලන්තයේ නව ශ්‍රීලංකා තානාපතිවරිය ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබ ඇත.

ඒ අනුව හිටපු හමුදාපතිවරුන් වන ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයට සහ ජෙනරාල් දයා රත්නායක පාකිස්තානයට ද වෙයි.

ඓතිහාසික ජයග්‍රහණයට හතුරුසිංහට පැසසුම්

23062015 130795239028102527 svg cmyසංචාරක ඉන්දීය පිලට එරෙහිව මීර්පූර් හී පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරගාවලි ජය වාර්තා කිරීම පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රාෆි මොර්ටසා පුහුණුකරු චන්දික හතුරුසිංහට එහි ගෞරවය හිමිවිය යුතු බව කියා සිටියේය.

උතුරු-නැ’හිර හමුදා කඳවුරු වත්මන් රජයෙන් ඉවත්කර නෑ

වර්තමාන රජය යටතේ උතුරු, නැ‍ඟෙනහිර පිහිටි කිසිඳු යුද හුමුදා කඳවුරක් ඉවත් කරගෙන නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවැසීය. හමුදා කඳවුරු ඉවත් කර ගත යුතුදැයි තීරණය කරන්නේ යුද හමුදාව මිස රජය නොවන බව කී අගමැතිවරයා, හමුදා කඳවුරක් ඉවත් කිරීම සම්බන්ධයෙන් හමුදාව මෙතෙක් තීරණය කර නොමැති බව ද එසේ තීරණයක් ගතහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ද කීය.

ආහාර නිෂ්පාදනයට ජාතික වැඩපිළිවෙළක්

Cabinetජාතික ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය මර්දනය, ස්වභාවික සම්පත් රැකීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) උපදෙස් ලබාදී ඇත.