21092024Sat
Last update:Thu, 05 Sep 2024

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව අද ඇරඹේ

mihintala tag 1ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව 54 වැනි වරටත් අද සිට ආරම්භ වෙයි.

මෙවර පොසොන් පෝයට සමගාමීව 16 වැනි දින සිට 22 වැනිදා දක්වා මිහින්තලා අලෝක පූජාව සිදු කෙරෙති. ආලෝක පුජාව අද දින සවස 6.00 ට ආරම්භ කිරීමට නියමිතය. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවේ සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණීමට නියමිතව ඇත්තේ තිරසාර හා සංවර්ධන වනජීවි කටයුතු ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාය.

මිහින්තලා අලෝක පූජාව 16 වැනි දින සිට 22 දක්වා පැවැත්වෙන අතර 17 වැනි දින මිහින්තලා අලෝක පූජාව සිදු කරන්නේ අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයද්‍රාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයනි.

18 වැනි දින මිහිඳු පෙරහර හා අලෝක පූජාව සිදුවන්නේ කතානායක කරු ජයසුරිය මහතා හා සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවන අතර පොසොන් පෝදා මිහින්තලා අලෝක පුජාව සිදු කරනු ලබන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

20 වැනි දින ඉන්දියන් තානාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 21 වන දින ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මිහින්තලා ආලෝක පූජාවේ අවසන් දින 22 වැනි දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා අලෝක පුජාව සිදු කිරීමට නියමිතය.