ජයලලිතා යළි ඊළම වෙනුවෙන්

download 1ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ඊලාම් රාජ්‍යයක් දිනාදීමට හැකි සෑම දෙයක්ම කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර තිබේ. 

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද වාර්තා කළේ තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල ජීවත්වන දෙමළ ජනයාට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉන්දියානු මධ්‍යම රජයට ජයලලිතා විසින් බලපෑම් කරන බවයි.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් තිරුචිරපල්ලෙයි දැවැන්ත ජන හමුවකට රැස්ව සිටි අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂ සාමාජිකයින් හමුවේ මේ බව පවසා ඇත.

තමිල්නාඩු දේශපාලනයේ කැපී පෙනෙන ඩී.එම්.කේ. සහ කොංග්‍රස් පක්ෂ විසින් ශ්‍රී  ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත් කළ බවත්, ඒ නිසාම එම ජනතාවගේ නිදහස හා ගෞරවනීය ජීවිතයක් සඳහා තමන් පෙනී සිටින බවත් ඇය මෙහිදී සඳහන් කළාය.