12052024Sun
Last update:Wed, 08 May 2024

ජී.එස්.පී.බදු සහනය යළිත්

gespයුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය මෙම වසර තුළ යළි ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට තානාපති ආරංචි මාර්ග අනාවැකි පළ කර සිටී. මෙම සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අවශ්‍ය වන නිල ක්‍රියාවලිය දැනටමත් යුරෝපා සංගම් - ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගිතා ක්‍රියාකාරී කමිටුව විසින් ආරම්භ කර ඇත. මෙම ක්‍රියාවලිය වසර අවසන් වීමට පෙර සාර්ථකව නිමාකරලීමට හැකිවනු ඇතැයි එම කමිටුව විශ්වාසය පළ කරයි.එසේම ජී.එස්.පී. සහනය පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ  සාකච්ඡා වට කිහිපයක්ද ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වෙනු ඇති බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා රජය දැනටමත් ජී.එස්.පී. සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමය වෙත  ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඒවාට යහපත් ප්‍රතිචාර ලැබි ඇති බවද තානාපති වාර්තා පවසයි.