13052024Mon
Last update:Wed, 08 May 2024

19 වන සංශෝධනය ජනපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

President719 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.

මීට සුළු මොහොතකට පෙර විවාදය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,මෙසේ පැවසීය.

''අපි වැදගත් පියවරක් තබා තිබෙනවා.අපි එක් ස්ථානයකට පැමිණ තිබෙනවා. විධායක ජනාධිපතිධූරයේ අසීමිත බලය පිළිබඳව අද පොදු මහජනතාවට පුළුල් අවබෝධයක් තිබෙනවා.

බලතල ඉවත් කිරීමට හැකි සෑම කාර්යක්ම මම කළා. මම නම්‍යශීලි වුණා. මේ බලතල ඉවත් කිරීමට එකඟ වුනේ රටට තිබෙන වැදගත් කමක් නිසයි. රටේ ජනතාවගේ නිදහස් හා ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් උතුම් කාර්යයකට කැප වී සිටින බව පැවසීය.