ජනපති ‘බ්ලූ රිජ්’ නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක
ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සුහදතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් කොළඹ වරායට පැමිණ තිබෙන අමෙරිකානු නාවික හමුදාවට අයත් බ්ලූ රිජ් (Blue Ridge) නෞකාවේ නිරික්ෂණ චාරිකාවක නිරත වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පෙරවරුවේ පැමිණියේය. නෞකාවට පැමිණි ජනාධිපතිතුමා අමෙරිකානු නාවික හමුදාව විසින් හමුදා උත්තමාචාර සහිතව ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත්තේ ය. බ්ලූ රිජ් නෞකාව දින පහක සංචාරයකට කොළඹ වරායට පැමිණ තිඛෙන අතර 2011 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව අමෙරිකානු නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.