ශ්‍රී ලංකා ජනපතිගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා ඉහළින් අගය කරනවා
- චීන ජනපති ෂින් ජින්පින් කියයි
ගාමිණී සුමනසේකර සහ කුෂාන් සුබසිංහ චීනයේ බීජිං නුවර සිට
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තිය තමන් ඉතා අගය කරන බව චීන ජනාධිපති ෂින් ජින්පින් මහතා චීනයේ මහජන මහ ශාලාවේදී ඊයේ (26 වැනිදා) පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී පැවැසීය.