අපේ පාලන කාලයේදී මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා
අප රටේ බෞද්ධ ආගමික පරිසරය ශක්තිමත් කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය ඓතිහාසික විශාල කාර්ය භාරයක් සිදුකර තිබෙනවා. එය අද දවසේ පමණක් නොව ඈත අතීතයේ රජ දවසේ සිට සිදුවෙමින් පවතිනවා. අනුරාධපුර යුගයේ සිට කොළඹ යුගය දක්වා ජාතික ආගමික සංස්කෘතික හා සමාජීය යන සියලු කටයුතු වලදී මහා සංඝරත්නය මහත් කැපවීමකින් ක්‍රියා කරනවා පමණක් නොව මේ රට විවිධ ආක්‍රමණිකයින් අතට පත්ව තිබූ අවධියේදීත් රට විවිධ අර්බුදවලට ගොදුරු වූ අවස්ථාවලදීත් පෙරමුණ ගෙන කටයුතු කර ඇත්තේද මහා සංඝරත්නය යි. එසේ හෙයින් අපේ පාලන කාලය තුළදීද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා උතුම් කොට සලකනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) දින යක්කලමුල්ල කොට්ටවදී පැවසීය.