24042024Wed
Last update:Thu, 18 Apr 2024

පරිසර සංරක්ෂණයේදී සිය වගකීම් නිසි ලෙස ඉටු කිරීමට නිළධාරින් කැපවිය යුතු බව ජනපති අවධාරණය කරයි.

02 22 1140x897පරිසරය රැක ගනිමින් මතු පරපුර වෙනුවෙන් එය සුරක්ෂිතව දායාද කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල සමඟ එක්වෙමින් තම වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීම සියලූ නිලධාරින්ගේ වගකීමක් බව ජනපති අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ අද (28) පෙරවරුවේ බත්තරමුල්ල, මධ්‍යම පරිසර අධිකාරි ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිලධාරි සංගමයේ 17 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.


ජීඑස්පී සහනය ඉල්ලා නිල අයැදුම බාරදෙයි

harsha de silvaදැනට අත්හිටුවා තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය (වරණීය තීරුබදු) යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයේ නිල අයදුම්පත ඊයේ (28) බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට බාරදීමට නියමිතව තිබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

අඩු ආදායම්ලාභීන් 1000කට සෙවන නිවාස ආධාර

sajithසැමට සෙවන නිවාස ණය වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් දහසකට නිවාස ණය ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

පිළිම 03ක් ගුවන් තොටේ හිරවේ

pillimනීති විරෝධී අයුරින් ශ්‍රී ලංකවෙන් චීනයට රැගෙන යාමට උත්සාහ කළ මිල කළ නොහැකි පැරණි පිළිම තුනක් සමග චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් අද අලුයම අත්අඩංගුව ගෙන තිබේ.

මතින් නිදහස් රටක් ගොඩනැගීමේ දී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනපති පවසයි.

13 6 1140x783මතින් නිදහස් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේ දී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනපති පවසයි.

ශ්‍රී ලංකාව-ආසියාව සමඟ දිගුකාලීන සබඳතාවක්

col2142617165 4523120 26062016 slm cmyමහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම්වලින් මිදීම සඳහා ආසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතා ඇති කර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාලලේ දී ඊයේ (26) පැවැසීය.

ගුවන් මෙහෙයුම් කටයුතුවල වෙනසක්

bhaagumකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පැවරිය යුතු බවට රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.