28042017Fri
Last update:Tue, 25 Apr 2017

දකුණු කොරියාව සමග ආරක්ෂක සහයෝගීතා ගිවිසුම්

01 koreaදකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඉදිරියේ දී ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට එළඹීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය චංග් මයෝයුන්ග් - ජින් මහතා අතර පැවැති සුහද සාකච්ඡාවක...


ජනතාවට බදු බර පැටවීමට ඉඩ තබන්නේ නෑ

President 05 adyathmika 01ඇතැම් ආර්ථික විශේෂඥයන් දුප්පත් ජනතාව මත බදු පැනවීමට උත්සාහ ගත්ත ද තමා ඊට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව පොදු ජනතාවගේ ආණ්ඩුවක් බව පැහැදිලි කළ ජනාධිපතිවරයා පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජලය-විදුලි කැපීම ගැන වාර්තාවක් කැඳවයි

RanilWigremesinghe August2015සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ සමහර ප්‍රදේශවල ජලය සහ විදුලිය කැපීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) අදාළ බලධාරීන්ට නියම කළේය.

එජනිස මැයි රැලියට මහින්දට ඇරැයුම්

05 mageශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා සන්ධානය එක්ව මෙවර ගාල්ලේ දී පවත්වන මැයි රැළියට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රය නිල වශයෙන් ඊයේ (18) යැවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා කියයි.

හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනපති ප්‍රදානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී.

01 12හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලූත් සහල් මංගල්‍ය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අලූත් සහල් මංගල්‍යයට එක්වූ ජනාධිපතිතුමා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව අලූත් සහල් මංගල්‍යයට එක් විය.