තුන් මසකට වරක් මුදල් කමිටුවට වාර්තාවක්
දේශිය හා විදේශීය බැඳුම්කර නිකුතුව පිළිබඳව සෑම තුන්මසකට වරක්ම මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුව වෙත සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තිය යටතේ රජයේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව සතු වුවද පසුගිය කාලය පුරාම බොහෝ මූල්‍ය කටයුතු සිදු වූයේ පාර්ලිමේන්තුව නොදැනුවත්වය. මූල්‍ය තීන්දු තීරණ පමණක් නොව ණය ගැනීම් සහ මූල්‍ය ගිවිසුම් අත්සන් කිරීම් ගණනාවක් පාර්ලිමේන්තුවට රහසේ සිදු කර තිබිණි. වරාය නගරය වැනි මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කෙරුණේද පාර්ලිමේන්තුව අබිබවමිනි.